(මනෝප්‍රිය ගුණසේකර සහ බිමල් ශ්‍යාමන්)
කොරෝනා වසංගතය පැතිරයෑම වැළැක්වීම සඳහා පසුගිය 20 වැනිදා සිට පනවන ලද ඇඳිරිනීතීය කඩකළ පුද්ගලයින් 2262 දෙනෙකු දිවයිනේ විවිධ පොලිස්ථාන වලින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
පැතිර යන වසංගත රෝගයකින් ජන සමාජය ආරක්‍ෂාකර ගැනීම සඳහා පසුගිය 20 වැනිදා සිට ඇඳිරිනීතීය පනවන ලද අතර එලෙස පනවන ලද ඇඳිරිනීතීය පසුගිය 24 වැනිදා උදෑසන 6.00 දක්වා බලපැවැත්වුණු දින හතරක කාලය තුළදී ඇඳිරිනීතීය කඩකරමින් මංමාවත්වල නිකරුණේ ගැවසුණු හා වාහන වලින් ගමන්ගත් පුද්ගලයින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ.
ඇඳිරිනීතීය කඩකරමින් වාහන වලින් ගමන් කිරීමේදී යතුරු පැදි, ත්‍රීරෝද රථ, ඇතු`ථ වාහන 579 ක් අත්අඩංගුවට ගෙන ඇතැයිද වාර්තා වන අතර ඇඳිරිනීතීය කඩකළ පුද්ගලයින් අදාළ පොලිස්බල ප්‍රදේශවල අධිකරණයන්ට ඉදිරිපත් කොට නීතීමය ක්‍රියාමාර්ග ගැනීමටද පොලිසිය කටයුතු කරයි.
ඇඳිරිනීතීය කඩකරමින් සිටියදී අත්අඩංගුවට ගත් පුද්ගලයින් අතර ක්‍රීඩා පිටියක පිරිසක් වශයෙන් එක්ව මත්පැන් පානය කළ පිරිසක්ද, බීමත්ව අශෝභන ලෙස හැසිරුණු පිරිසක්ද, වෙළඳාම් කළ පිරිසක්ද සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය වැඩිදුරටත් පවසයි.

