ඇඳිරි නීතිය කඩ කළ 11,000ක් අත්අඩංගුවට


(ඩිල්ෂානි චතුරිකා දාබරේ)
 
ඇඳිරි නීතිය කඩ කළ පුද්ගලයන් 11,000කට අධික සංඛ්‍යාවක් මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති බව නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා අද(03) පැවැසීය.
 
එසේම ගෙවී ගිය පැය 24 තුළදී ඇඳිරි නීතිය කඩ කළ පුද්ගලයන් 1034 දෙනෙකු අත්අඩංගුවට ගත් බව ඒ මහතා සඳහන් කළේය.
 
කෝවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේදී අද පැවැති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් නියෝජ්‍ය පොලිස්පතිවරයා මේ බව පැවසීය.