ඇදිරි නීතිය කඩ කළ 8 ක් පොලිස් දැලේ


(ප්‍රසන්න පත්මසිරි)

ඇදිරි නීතිය කඩ කරමින් නිවසක පැවැති සාදයකදී බීමත්ව ගීත ගයමින් සිටි පුද්ගලයින් අට දෙනෙකු අද (20) රාත්‍රී අත්අඩංගුවට ගත් බව බණ්ඩාරවෙල පොලිසිය පැවසීය.

බණ්ඩාරවෙළ කිණිගම මහඋල්පොත ප්‍රදේශයේ නිවසක පැවැති උත්සවයකදී මෙලෙස මෙම පිරිස බීමත්ව සිට ඇති බව පොලිසිය කීය.

පොලිස් නිලධාරීන් එම නිවසට ගිය අවස්ථාවේදී පොලිසිය දැක පිරිසක් පලාගිය බව පොලිසිය කීය.