(අංජුල මහික වීරරත්න)
මෙරට දේශිය පොල් නිෂ්පාදනය ඉදිරි තෙවසර ඇතුලත ගෙඩි මිලියන 1000ක් දක්වා ඉහල නැංවීමට වැඩ පිලිවෙක් අරඹා ඇතැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
මේ වනවිට වාර්ෂික පොල් නිෂ්පාදනය ගෙඩි මිලියන 3600ක් වන අතර ඉන් ගෙඩි මිලියන 1800 ක් වාර්ෂික පරිභෝජනය සඳහා යොදා ගන්නා බව අමාත්‍යවරයා කීය.
කර්මාන්ත සඳහා තවත් ගෙඩි මිලියන 600ක අවශ්‍යතාවය ඇතැයි කී අමාත්‍යවරයා මෙම පරතරය පියවා ගැනීම සඳහා අඩු තරමින් එක් ගසකින් ලබා ගන්නා ප්‍රමාණය පොල් ගෙඩි දෙකකින්වත් ඉහළ දැමිය යුතු යැයි පැවසීය.
එමෙන්ම රිලවුන්, දඬුලේනුන් හා වඳුරන් විසින් වාර්ෂිකව විනාශ කරන පොල් ප්‍රමාණය ගෙඩි මිලියන 250ද ඉක්මවා ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.
සූරියවැව විහරගල ගම්මානයේ ගොවි පවුල් සියයකට නොමිලයේ පොල් පැල බෙදා දීමේ වැඩසටහනකට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ පොල් වගා වැඩසටහන යටතේ මේ වනවිට පොල් පැල 50,000ක් නොමිලයේ බෙදා දී ඇතැයි ද අමාත්‍යවරයා කීය.

