රංජන් කස්තුරි
විශ්‍රාම වැටුපකට හිමිකම් කියන සමස්ත රාජ්‍ය සේවකයින් අතරින් මසකට රුපියල් 150,000 කට වැඩි ඒකාබද්ධ වැටුපකට හිමිකම් කියනුයේ දුම්රිය සේවකයින් හා වෛද්‍යවරුන් පමණකැයි මහා භාණ්ඩාගාරයේ ප්‍රකාශකයෙක් කීය.
දුම්රිය දෙපාර්තමේන්තුවේ එන්ජින් රියදුරෙකුගේ මාසික වැටුප රුපියල් 250,000 ට වැඩි අතර ඔවුන්ට මසකට රුපියල් 10,000 ක පමණ මුදලක් උපයන විට ගෙවන බදු ලෙස ගෙවීමට පවා සිදුවන බවද ඔහු කීය.
සමස්ත රාජ්‍ය සේවකයින් අතරින් ඉතාම ඉහළ වැටුප් ලබන දුම්රිය සේවකයින්ට තවත් වැටුප් වැඩි කිරිමෙන් රාජ්‍ය සේවයේ අංශ ගණනාවක වැටුප් විෂමතා මතුවන බවද හෙතෙම සඳහන් කළේය.
දුම්රිය එන්ජින් රියදුරු දුම්රිය නියාමක දුම්රිය ස්ථානාධිපති දුම්රිය අධීක්ෂණ කළමනාකරණ විශේෂ ශ්‍රේණියට අයත් නිලධාරීන්ගේ මාසික ආරම්භක මුලික වැටුප 44,600 ක් වන අතර ඔවුන් එය රුපියල් 56205 දක්වා වැඩිකිරිමට කරන ඉල්ලීම අසාධාරණ බවද ඔහු සඳහන් කළේය.
ඉංජිනේරු, ගණකාධිකාරි, ක්‍රම සම්පාදන, වස්තු විද්‍යාඥ, වෛද්‍ය සේවා, කෘෂිකාර්මික, මිනින්දෝරු කාර්මික සහකාර,පොලිස් අධිකාරි,ආදි වෘත්තිය සේවාවන්ට අයත් නිලධාරින්ගේ මෙම පරිපාලන නිලධාරීන්ට මෙවැනි මුලික වැටුපක් හිමි නොවන බවද ඔහු කීය.