ඇතාගේ පහරින් තිදරු පියා අවසන් ගමන් යයි


(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

ආණමඩුව සියඹලාගස්වැව ප්‍රදේශ පදිංචි තිදරු පියෙකු අද(02 )  උදෑසන ඇතේකුගේ ප්‍රහාරයට ලක්ව මියගොස් ඇති  බව ආණමඩුව පොලිසිය කියයි.

මෙලෙස අවාසනාවන්ත ලෙස මරණයට පත්ව ඇත්තේ හෙට්ටිපතිරණලාගේ නයිදෙහාමිලාගේ රංබංඩා නැමති 65 හැවිරිදි ගොවිතැනින්න ජීවත් වු අයකු බව කියයි.

උදෑසන 6.30 ට පමණ නිවසේ සිට තම සොහොයුරාගේ නිවස වෙත ගමන් කරමින් සිටියදී පසුපසින් කඩා වැදුන ඇතා පහර දී එම ස්ථානයෙදීම මරා දමා තිබු බව පොලිසිය කියයි. සියඹලගස්වැව ජනතාව පවසන්නේ මෙම ඇතා මෙයට පෙරද ආණමඩුව තෝනිගල ප්‍රදේශයේ හා කජුවත් ප්‍රදේශයෙදී ද මෙලෙසම දෙදෙනෙකු මරා දමා ඇති බවයි.