ඇත් පොරෙන් ඇතෙක් මැරේ


අම්පාර ලාහුගල කුමන ජාතික වනෝද්‍යානයේ  සිටි ඇතුන් දෙදෙනාගෙන් එක් ඇතෙකු මිය ගොස් ඇති බව වනජිවි නිලධරයෝ පවසති.

දින කිහිපයක සිට කුමන වනෝද්‍යානයේ ඉටිකලවැව පැත්තේ මෙම ඇතුන් දෙදෙනා සිටි බව ඔවුහු පවසති.   මෙම ඇතුන් දෙදෙනා අතර රණ්ඩුවක් ඇතිවී ඇති අතර මියගිය ඇතාගේ ඇගේ දළ පහර  වැදි තුවාල තිබෙන බව නැගෙනහිර පළාතේ වනජිවි අධ්‍යක්ෂක ඩී.එම්. විරසිංහ මහතා කීවේය.

මියගිය ඇතාගේ වයස අවුරුදු තිස්පහක් පමණ වන අතර උස අඩි අටක් පමණ වන  දළ අඩි දෙක හමාරක් දිගට වැඩි තිබේ.

 

photo

මෙම ඇතා පණ පිටින් සිටියදී

2[1] 3[1]