ඇත් දළ ළඟ තබාගත් සැකකරුවන් 12 දා තෙක් රිමාන්ඩ්



(අනුරාධපුර අධිකරණ උපාලි ආනන්ද)

අඩි හතරයි අගල් හතකින් යුත් ඇත් දළ යුගලක් සමග ඊයේ (29) අලුයම අත් අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා ලබන  ජනවාරි මස 12 වන දින දක්වා රිමාන්ඩි කරන ලෙස අනුරාධර  ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු හර්ෂණ කැකුණවෙල මහතා අද (30) නියෝග කලේය.
 

මෙම සිද්ධිය සමිබන්ධයෙන් තවදුරටත් විමර්ශණ මෙහෙයවා එම විමර්ශණ වල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටද මහේස්ත්‍රාත්වරයා අනුරාධපුර කොටිඨාශ අපරාධ විමර්ශණ අංශයට තවදුරටත් නියෝග කෙරිණි.

මෙසේ රිමාන්ඩි කලේ මන්නාරම කරවන්කොටිටෙයි දකුණ තිරුවල්ලුවර වීදිය එස් ඩබි අලගන් සිලාවතුර මරචිචිකටිටි පාලෙන්කුලි එමි එචි  හාරිස් සහ සිලාවතුර මරචිචිකටිටි මුල්ලිකුලමි පී එස් වාස් නැමැති සැකකරුවන්ය.

පැමිණිල්ල වෙනුවෙන් අනුරාධපුර කොටිඨාශ අපරාධ විමර්ශණ අංහයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක නවරත්න අfබිකෝන් මහතාගේ උපදෙස් මත සැරයන් (12531) එල් පී එන් සී සෝමතිලක මහතා පෙනී සිටි අතර සැකකරුවන් වෙනුවෙන්  නීතිඥ නලීන් දිමුතු බංඩාර මහතා පෙනී සිටියේය.

සැකකරුවන්ට මෙම ඇත් දළ යුගල ලැබුනේ කෙසේද ඇත් දළ ලබා ගැනීම සදහා ඝාතනය කලේ කුමන ඇතාද? යන්න පිලිබදව කරුනු අවාරණය  කර ගැනීfමි අරමුනින් fමි සමිබන්ධයෙන් තවදුරටත් පරික්ෂණ ක්‍රියාත්මකයි.

මෙම අපරාධය සමිබන්ධයෙන් පොලිසිය දැනට සිදු කර ඇති විමර්ශණ වලදී අනාවරණ වී ඇත්තේ විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ සිටි සද්දන්ත ඇතෙකු මරා මෙම ඇත් දළ යුගල ලබා ගෙන ඒවා රුපියල් ලක්ෂ පනහකට අලෙවි කිරිමට සුදානමි කර තිබු බවටයි.

අනුරාධපුර පොලිස් අධිකාරි තිලිණ හේවා පතිරණ මහතා විශේෂ පොලිස් කන්ඩායමක් සමග තන්තිරිමලේ ප්‍රදේශයේ සිලාවතුර සීමාවට ගොස් මෙම ඇත් දළ යුගල සහ සැකකරුවන් තිදෙනෙකුද අත් අත් අඩංගුවට ගනු ලැබීය මෙවැනි මෙහෙයුමකට පෞද්ගලිකවම අනුරාධපුර කොටිඨාශයේ පොලිස් අධිකාරිවරයෙකු මෑත කාලයේ සහභාගි වූ ප්‍රථම අවස්ථාව මෙයයි.