ඇණ ගසා බට දමා ලේ ගනී


සෞදි අරාබියේදී ඇණ ගසා අත් පා ද පිලීස්සීයැයි තිස් හත් හැවිරිදි සිව් දරු මවක සෞදි අරාබියෙන් ශ්‍රී ලංකාවට එවනු ලැබ සිටිති.

බලංගොඩ එග්ස් ලේන් වත්තේ අලගුමලි පාපාති තම්බදි මහත්මිය අරාබියට ගොස් ඇත්තේ වසර දෙකකට පෙරය.

‘සත පහක් පඩි දුන්නේ නෑ, කන්න බත් දුන්නේම නෑ,රත් කළ තෙල් ඇගට දාලා ඇග පිච්චුවා,ගෙදර කට්ටිය ඇණ ගසා බෝතල්වලට ලේ ගන්නවා.සමහර දවස්වලලට යකඩ බට ජනනේන්ද්‍රීය ප්‍රදේශයට  ඇතුළු කර තුවාල කර ලේ ගන්නවා.ඒ ලේ උදේට අරගෙන යනවා කොහේ අරගෙන යනවාද දන්නේ නෑ. ’