(ඩී.කේ.රත්න)
මඩොල්සිම කොකාගල වතුයායේ කෝවිලකදී කිසියම් ඇට වර්ගයක් ආහාරයට ගත් කුඩා ළමුන් හත්දෙනෙකු බරපතල අසාධ්‍ය තත්වයෙන් මැටිගහතැන්න දිසා රෝහලට ඇතුළත්කිරීමෙන් පසු බදුල්ල මහ රෝහලට මාරුකර යවා ඇතයි මඩොල්සිම පොලීසිය පවසයි.
මඩොල්සිම කොකාගල වතුයායේ අංක විසිදෙක ලැයිමේ පදිංචි වයස අවුරුදු දහයක ළමුන් දෙදෙනෙකු, වයස අවුරුදු හතක ළමුන් දෙනෙනෙකු සහ වයස අවුරුදු පහ සහ හය වයසේ පසුවන ළමුන් තිදෙනෙකු මෙසේ අසාධ්‍ය තත්වයෙන් බදුල්ල මහ රෝහලට ඇතුළත් කර ඇත.
මඩොල්සිම කොකාගල වතුයායේ කෝවිලක පැවති උත්සව අවස්ථාවකට සහභාගීවෙමින් සිටි මෙම ළමුන් කිසියම් ඇට වර්ගයක් ආහාරයට ගැනීමෙන් මෙසේ රෝගාතුර වී තිබේ.
මෙම ඇට වර්ගය පිළිබදව මෙතෙක් කිසිවක් අනාවරණය වී නොමත. මඩොල්සිම පොලීසියේ නිලධාරීහු මේ පිළිබදව පරීක්ෂණ සිදුකරති.

