තෙත් කලාපයේ සුලබව වැවෙන වැල්අල විශේෂයකි. මුහුදු මට්ටමේ සිට අඩි 900ක් දක්වා ප්‍රදේශවල වැවේ. උද්භිද විද්‍යාත්මක ඩයස්කොරියා අලන්ටා හෙවත් ඇඟිලි අල නමින් පොදුවේ හැඳින්වෙන මේ අලයේ එක් කෙළවරක් සිහින් කොටස් කිහිපයකට වෙන්වී බෙදී වර්ධනය වන බැවින් එයට ඇඟිලි අල යන්න ව්‍යවහාර වෙයි. බොහෝ විට මේ කොටස් අතක හෝ පාදයක ඇඟිලි ලෙස දැකිය හැකියි. මහියංගනයේ විල්ලුපිටියේ පදිංචි ඩි.එම්.ප්‍රියන්ත මහතාගේ නිවසේ ගෙවත්තේ වැඩුණු අලයක් දැකිය හැකි විය.
ශ්‍රී ලංකාවේ දී වැල් අල යනුවෙන් හදුන්වන අල විශේෂ 50ක් පමණ ලෝකයේ දැකිය හැකිය. හිඟුරල, රාජ අල, දන්දිල, ගුරු අල හා ඇඟිලි අල මේ අතර වඩාත් ජනප්‍රිය විශේෂයන්ය. මෙම අල විශේෂයන්හි කෙළවර බෙදී වර්ධනය වීම ස්වභාවික දෙයකි.
කාබෝහයිඩ්‍රේට් බහුලව ඇති මේ අල වර්ගයේ ග්‍රෑම් 100 ක කැලරි ඒකක 118ක් අඩංගු බව පර්යේෂකයෝ කියති. මෙහි ඇති තන්තු මලබද්ධය අඩුකරයි. ආහාරවල ඇති විෂ සමනය කිරීමටත් මහ බඩවැලේ හටගන්නා පිළිකා මර්ධනයටත් උපකාරීවන බව වෛද්‍ය මතයයි. රුධිරයේ සීනි මට්ටම පාලනයටත්, කොලෙස්ටරෝල් මට්ටම අඩුවෙන් තබා ගැනීමටත් මේ අලයේ විශේෂ ගුණ මහෝපකාරී වෙයි.
තන්තු, මලබද්ධය අඩු බඩවැල යෝනි පමිතිෙයන් සිට ආහාර විෂ සහිත සංයෝග වැළැක්වීම මගින් බඩවැල් හා අඩු මහ බඩවැලේ පිළිකා අවදානම එය බන්ධන මගින් නරක (LDL කොලෙස්ටෙරෝල්) කොලෙස්ටරෝල් මට්ටම අඩු උපකාරී වේ. මීට අමතරව, සංකීර්ණ කාබෝහයිඩ්රේට හොඳ මාර්ගයක්, එය එම හේතුව නිසා, අඩු ග්ලයිසමික් දර්ශකය සෞඛ්ය සම්පන්න ආහාර ලෙස නිර්දේශ, රුධිරයේ සීනි මට්ටම තුළ ස්ථාවර වර්ධනයක් පාලනය, සහ.




