සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ නැකැත් අනුව ආහාර පිසීමේ නැකැත මිට සුව මොහොතකට (11.06ට) උදා විය.
නිල් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා ලිප් බැඳ ගිනි මොළවා තල, උක් හකුරු මිශ්‍ර කිරිබතක් සහ තල මිශ්‍ර කැවිලි වර්ගයක් පිළියෙළ කරගැනීම යහපත් බව නැකැත් සීට්ටුවේ සඳහන් වෙයි.
වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය යෙදී ඇත්තේ අද මධ්‍යම රාත්‍රී 12.06ටය.

