ආහාර කමිටුව ගත් තීරණයට කෘෂි ඇමතිගේ විරෝධය


 

(අංජුල මහික වීරරත්න)

සහල් ආනයනය කිරීම සඳහා ආහාර කමිටුව ගත් තීරණයට කෘෂිකර්ම අමාත්‍යවරයා ලෙස තමා දැඩි ලෙස විරෝධය පළ කරන බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත අද (4)ලිඛිතව දැනුම් දී තිබේ.

මේ වන විට වී අස්වනු නෙලන සමය උදාවී ඇති හෙයින් සහල් ආනයනය කළහොත් ලාංකික ගොවීන්ට වී අස්වැන්න විකුණා ගන්නට නොහැකි වනු ඇති බවද මෙම ගැටලුවට වහාම පියවරක් ගන්නා ලෙසද අමාත්‍ය මහින්ද අමරවීර මහතා ජනාධිපතිවරයාට දන්වා යවා ඇත.

මෙවර හෙක්ටයාර හත් ලක්ෂ අසූ දහසක වී වගා කර තිබෙන අතර එයින් වී මෙට්‍රික් ටොන් ලක්ෂ 35ක්  ලැබීමට නියමිත බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.