ආහාර ආනයනය සීමා කරන්න යයි


( චන්ද්‍රසේන ගමගේ)

මෑතකදී ආනයනය කිරීම තහනම් කර ඇති ආහාර වර්ග 17 ක් ඉදිරියටත් ආනයනය නොකිරීමට ආණ්ඩුව තීරණය  කර  ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා අද (19) දින මැදමුලන පල්ලෙමුලන දී  පැවසීය.
 
‘’පුදබිමට ගෙවත්තක්’’ රුක් රෝපන ජාතික වැඩසටහන පල්ලෙමුලන ධර්මගිරිගිරුවා සදවිහාරයේදි  ආරම්භ කිරීමෙන් අනතුරුව ඇමති චමල් රාජපක්ෂ මහතා එසේ පැවසීය.
 
එහිදි වැඩි දුරටත් අදහස් දැක් වූ ඇමති චමල් රාජපක්ෂ මහතා මෙසේද පැවසීය.මේ වන විට කොරෝනා වෛරසය අපිට ආශිර්වාදයක් වි තිබෙනවා.මේ රට පසුගාමී රටක් කරන්නට බලපෑ හේතු අපි නැති කරන්න කටයුතු කරමින් තිබෙනවා.
 
 මේ වන විට මේ රටේ වවන්න පුළුවන් මුං කවුපි වැනි ධාන්‍ය වර්ග මේ රට ට අවශ්‍ය පරිදි වගා කරන්නත් එම ආහාර ද්‍රව්‍ය පිට රටින් ආනයනය කිරීම නැවැත්වීමටත් ආණ්ඩුව කටයුතු කරනවා. එම ප්‍රතිපත්තිය තුළින් මේ රටේ ජාතික ධනය ඉතිරි කර ගැනීමටත් හැකි වෙනවා. මෙම ජාතික වැඩ පිළිවෙලට මේ රටේ ජනතාව විශාල දායකත්වයක් දක්වනවා. එම ජනතාවට තමන් ගේ ස්තුතිය හිමිවෙන බවද ආමත්‍ය චමල් රාජපක්ෂ මහතා එහිදි පැවසීය. ‘ආනයනික කටයුතු ඉදිරියේදීත් සීමා කරනවා’