ආසියානු දෙවැනි කොටසේ සිවුකොන් රග්බි තරගාවලියේ සත්කාරත්වය සඳහා ශ්‍රී ලංකාව ආසියානු රග්බි සංගමයට ලංසුවක් ඉදිරිපත් කර ඇතැයි ශ්‍රී ලංකා රග්බි සංගමයේ උසස් නිලධාරියකු පැවසීය. මෙම තරගාවලිය ශ්‍රී ලංකාව, තායිලන්තය, චීන තායිපේ සහ කසකස්තානය යන රටවල සහභාගිත්වයෙන් ලබන අපේ‍්‍රල් මස 6 වැනිදා සිට 15 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය.
මෙම ලංසුව පිළිබඳව ආසියානු රග්බි සංගමයෙන් මේ දක්වා ප‍්‍රතිචාර ලැබී නොමැති බවත් සෙසු තවත් රටවල් දෙකක් ද ලංසු ඉදිරිපත් ඇතැයි ද වාර්තා වේ.
මේ පිළිබඳව ‘ලංකාදීප’ කළ විමසුමකදී ශ්‍රී ලංකා රග්බි සංගමයේ නිලධාරියකු පැවසුවේ තරගාවලිය සංවිධානය කිරීමේදී මේ වන විට ශ්‍රී ලංකාවේ පවතින ඉහළ හෝටල් ගාස්තු දැඩි බලපෑමක් බවට පත්ව ඇති බවයි.

