ආසියානු වොලිබෝල් ශූරතාවලියේදී ශ්‍රී ලංකාව උස්බෙකිස්තානය පරදවයි


ඉරානයේ ටෙහෙරාන් නුවරදී දැන් පැවැත්වෙන ආසියානු වොලිබෝල් (පිරිමි) ශූරතාවලියේදී ශ්‍රී ලංකාව, උස්බෙකිස්තානය පරාජය කිරීමට සමත්විය. එම තරගයේදී සංචාරක ශ්‍රී ලංකා පිල ජය ගත්තේ ලකුණු 25/21, 25/13, 25/12 ක් ලෙසටය. ශ්‍රී ලංකාව හෙට (24) ඉන්දුනීසියාවට එරෙහිව තීරණාත්මක තරගයකට සහභාගිවීමට නියමිතය. එම තරගය ජය ගත හොත් පමණක් ශ්‍රී ලංකාවට තරගාවලියේ පළමු කණ්ඩායම් අට අතරට පිවිස ඉදිරියට යා හැකිය.