ආසියානු කනිෂ්ඨ හොකී තරගාවලියට ශ්‍රී ලංකා කණ්ඩායම මලයාසියාවට


ආසියානු හොකී සම්මේලනය මෙහෙයවන 7 වැනි ආසියානු කනිෂ්ඨ හොකී තරගාවලියට (පිරිමි) සහභාගිවන ශ්‍රී ලංකා කණ්ඩායම මැයි මස 1 වැනිදා මැලේසියාව බලා පිටත්ව යාමට නියමිතය. තරගාවලිය මැයි මස 3 වැනිදා සිට 13 වැනිදා දක්වා මැලේසියාවේ මලක්කා නගරයේදී පැවැත්වේ. වයස 21 න් පහළ ක‍්‍රීඩකයන් 18 දෙනකුගෙන් සමන්විත සංචාරක ශ්‍රී ලංකා පිලේ නායකයා ලෙස ගිමල් ඩයස් කටයුතු කරයි. නුවන් පේ‍්‍රමතිලක උප නායකයා වේ. කණ්ඩායමේ සිටින ධාරක තැන්න, සයිඞ් කුතුබ්දීන්, ඉමාද් මුසම්මිල් සහ අංජන රත්නායක පාසල් ක‍්‍රීඩකයෝ වෙති. ඉන්දියාව, පාකිස්තානය, ජපානය, කොරියාව, ඉරානය, චීනය, ශ්‍රී ලංකාව සහ  සත්කාරක මැලේසියාව යන රටවල් අටක් තරග වදිති. බංග්ලාදේශය සහ සිංගප්පුරුව තරගාවලියට සහභාගිවීම මේ වන විටත් ස්ථීර කර නොමැතිබවද වාර්තාවේ. හොකී ක‍්‍රීඩාවෙන් ලොව ඉදිරියෙන්ම සිටින රටවල් තරග වදින බැවින් මෙම තරගාවලියේදී ජයග‍්‍රහණයට වඩා ශ්‍රී ලංකා ක‍්‍රීඩකයන් උනන්දු වන්නේ ජාත්‍යන්තර තරග අත්දැකීම් ලබා ගැනීම බව හොකී සංගමය පවසයි. සංචාරක ශ්‍රී ලංකා හොකී පිල:- ගිමල් ඩයස් (නායක), නුවන් පේ‍්‍රමතිලක (උප නායක), ධාරක තැන්න, නදුන් වීරක්කොඩි, කසුන් දුණුවීර, තිළිණ සඳරුවන්, අමිල නිශ්ශංක, අමිල රත්නසිරි, එච්.එම්.හේන්දෙණිය, සයිඞ් කුතුබ්දීන්, අශාන් අලස්, ඉමාද් මුසම්මීල්, ජේ.සුරේන්ද්‍රන්, එස්.එම්.ගුණවර්ධන, අසංග බණ්ඩාර, එම්.සී.පෙරේරා, අංජන රත්නායක, දමිත් බණ්ඩාර, ජේ.ජයරත්නම් මහතා (කණ්ඩායම් ප‍්‍රධානී), දයාල් දීගහවතුර මහතා (කළමනාකරු), අනුරුද්ධ හේරත් බණ්ඩාර මහතා (පුහුණුකරු), පුලස්ති ලැනරෝල් මහතා (සහය පුහුණුකරු), චන්දන හේරත් බණ්ඩාර මහතා (විනිසුරු), ඉන්ද්‍රවංශ හේරත් මහතා (තරග තීරක) සංචාරක ශ්‍රී ලංකා හොකී කණ්ඩායම    (ඡායාරූපය: රොමේෂ් ධනුෂ්ක සිල්වා)