ආසාදිතයින්ට ප්‍රතිකාර කරන්න තවත් රෝහලක්


 (ඩයනා උදයංගනී)   

කොරෝනා අසාදිතයින් සඳහා ප්‍රතිකාර කිරීමට  සඳහා පොළොන්නරුවේ වැලිකන්ද රෝහල  තෝරාගෙන ඇති බව  සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ( අද 17) පැවසීය .

රාජගිරියේ  පිහිටි කොවිඩ් - 19 පැතිරිම වැළැක්වෙන ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ පැවැත්වෙන මාධ්‍ය සාකච්ඡාවේදී  අනිල් ජාසිංහ මහතා මේ බව  කීවේය.