ආසාදිතයන් සංඛ්‍යාව 210 දක්වා ඉහළට


ශ්‍රී ලංකාවේ කොරෝනා වයිරසය ආසාදිත මුළු සංඛ්‍යාව 210 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය කියයි.

අද රාත්‍රී වන විට තවත් කොරෝනා ආසාදිතයින් 7 දෙනෙකු වාර්තා වී ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කළේය.

ඒ අනුව අද දිනයේදී කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු කළ රෝගීන් සංඛ්‍යාව 11 ක් බවද එම කාර්යාංශය වැඩිදුරටත් සඳහන් කළේය.

මේ වන  විට පුද්ගලයින් 7 දෙනෙකු මියගොස් ඇති අතර 56 දෙනකු සුවය ලබා පිටව ගොස් ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

 

 

.