ආසාදිත මඟ පෙන්වන්නාගේ පුතාත් අයිඩීඑච් රෝහලට


(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
 
කොරෝනා ආසාදනය වී රෝහල්ගතව සිටින සංචාරක මඟ පෙන්වන්නාගේ 18 හැවිරිදි ප්‍රත්‍රයා ද මීට සුළු මොහොතකට පෙර වෛද්‍ය පරීක්ෂණයක් සඳහා අයි.ඩී.එච්. රෝහලට ඇතුළත් කළ බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
 
එම දරුවාගේ උගුරේ සෙම පැටලීම සහ හිසරදය පැවතීම හේතුවෙන් ඒ බව ප්‍රාදේශීය සෞඛ්‍ය බලධාරීන් දැනුවත් කිරීමත් සමඟ රෝහල් ගතකිරීමට පියවර ගෙන ඇත.
 
ඒ අනුව, වෛද්‍ය පරීක්ෂණයක් සඳහා යොමුකිරීමට නියමිත අතර දරුවා කිසිදු අසාධ්‍ය තත්වයක් පෙන්නුම් නොකරන බවද ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.