
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කොරෝනා වෛරසය ආසාදිත රෝගී කන්තාවක් රැගෙන යමින් සිටි ගිලන් රථයක් අද (11) දහවල් අලුබෝමුල්ල ප්‍රදේශයේ දී මාර්ගයේ ගමන් ගත් පුද්ගලයෙකු ගේ ගැටීමෙන් එම එම පුද්ගලයා සහ රෝගී කාන්තාව තුවාල ලැබූ බව අලුබෝමුල්ල පොලිසිය කියයි
අනතුරින් මාර්ගයේ ගමන් ගත් පුද්ගලයා බරපතළ තුවාල ලබා ඇති බව පොලිසිය කියයි
මෙලෙස බරපතළ තුවාල ලබා ඇත්තේ අවුරුදු 55-60 ත් අතර පසුවන පුද්ගලයකු බවත් ඔහුගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නැති බවත් පොලිසිය කියයි
පෞද්ගලික රෝහලකට අයත් ගිලන් රථය ආසාදිත රෝගී කාන්තාව කටුනායක අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයකට යොමු කිරීම සඳහා පානදුර සිට හොරණ මාර්ගය ඔස්සේ අධිවේගී මාර්ගය වෙත යාම සඳහා පැමිණෙමින් සිටියදී තුවාල ලද පුද්ගලයා මාර්ගය හරහා යාම හේතුවෙන් මෙම අනතුර වී ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණ වී ඇත
අනතුරින් එම පුද්ගලයා බරපතළ තුවාල ලබා ඇති අතර ගිලන් රථය තුළ ඇඳක වැතිර සිටී ආසාදිත කාන්තාව ඇඳෙන් ගිලන් රථය තුළට වැටීමෙන් ඇයගේ හිසට තුවාල සිදුවී ඇතැයි පොලිසිය කියයි
බරපතල තුවාල ලැබූ පුද්ගලයාව ප්‍රදේශවාසීන් විසින් පාන් ගුරු මූලික රෝහල ඇතුළත් කිරීමට පියවර ගෙන තිබූ බව පොලිස් නිළධාරියෙකු පැවසීය



