අංජුල මහීක වීරරත්න
යහපාලනය සඳහා වු එක්සත් ජාතික පෙරමුණු රජයේ ප්‍රධානතම ව්‍යාපෘතියක් වන ගම්පෙරළිය වැඩපිළිවෙළ ආසන මට්ටමින් ක්‍රියාත්මක කිරිම සභා අධීක්ෂණ මන්ත්‍රීවරුන්ගේ මැදිහත්වීම යටතේ තරුණ තරුණියන් 100 ක් පමණ යෙදවීමට රජය තීරණය කර තිබේ.
රජය මේ තීරණයට එළැඹ ඇත්තේ අගමැති ලේකම්,මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්,ඉඩම් හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ ලේකම් යන අයගෙන් සමන්විත කමිටුව ඉදිරිපත් කළ වාර්තාව අනුවය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ගේ හමුවී කළ සාකච්ඡාවෙන් පසු ජුලි 23 වැනි දා ඉහත කමිටුව පත් කිරිමට පියවර ගැණුනි.
අග්‍රාමාත්‍ය ලේකම් හා අමාත්‍යාංශ ලේකම්වරු දෙදෙනාගේ වාර්තාව මේ මස 7 වැනි දා පැවති කැබිනට් මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කෙරුණූ අතර එය වැඩිදුර අධීක්ෂණය සඳහා යොමු කරන ලදී.
වසර දෙකක කාලයක් ඇතුළත ක්‍රියාත්මක කිරිමට සැලසුම් කර ඇති ගම්පෙරළිය වැඩසටහන අධීක්ෂණය කිරිම සඳහා දැනට සිටින ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිලධාරීන් යෙදවුවහොත් නිලධාරීන් සංඛ්‍යාව දෙගුණයක් කළ යුතු බවට රජයට වාර්තා කර තිබුණි.