(ඩයනා උදයංගනී)
ශ්‍රී ලංකාවට ආවේණික කුරුල්ලන් සිව් දෙනෙකුගේ රුව ඇතුළත් සමරු මුද්දර 4ක් නිකුත් කිරීමට තැපැල් දෙපාර්තමේන්තුවේ මුද්දර කාර්යාංශය කටයුතු යොදා ඇත.
‘ශ්‍රී ලංකා කළු ඉසැසි කොණ්ඩයා, ශ්‍රී ලංකා වන රැවියා, ශ්‍රී ලංකා පිට තඹලයා, ශ්‍රී ලංකා සිළු කවුඩා’ යන කුරුල්ලන් මෙම මුද්දර පෙලින් නිරූපණය කර තිබේ.
සංචාරක ආකර්ෂණීය බවින් යුත් මුද්දර වාර්ෂිකව නිකුත් කිරීමේ වැඩපිළිවෙල යටතේ මෙම මුද්දර හෙට (16) දිනයේදී නිකුත් කරන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මෙම මුද්දර රුපියල් 4.00, 10.00, 15.00 සහ 35.00 යන වටිනාකම්වලින් යුක්ත ඒවා බව ද තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.


