ආවාට ගියාට බෙහෙත් බොන්න එපා


බොරැල්ල ශ‍්‍රි ලංකා ආයුර්වේද ශික්ෂණ රෝහලේ  බාහිර  අංශයේ  ප‍්‍රධාන වෛද්‍ය නිලධාරිනි රමණි එදිරිසිංහ මහත්මිය පිළිතුරු දෙයි

 



02ප‍්‍රශ්නය - හැත්තෑ හැවිරිදි  කාන්තාවකි. දියවැඩියාව, කොලෙස්ටරෝල්, අධික රුධිර ඇත. මේ තත්ත්වයන්ගෙන් මිදීමට ආයුර්වේද ප‍්‍රතිකාර  තිබේද? 
පිළිතුර -
මෙම බෝ නොවන රෝග තත්ත්වයන්ට  ආයුර්වේද ප‍්‍රතිකාර  ඇත. බොරැුල්ල රජයේ ආයුර්වේද රෝහලෙන් ප‍්‍රතිකාර  ලබාගත හැකිය. පැණිරස, පිටි සහ තෙල් අඩු  ආහාරපාන ලබා ගන්න. ලූ‍ණු අඩුවෙන්  භාවිතා  කරන්න. එළවළු, පලතුරු , පලාවර්ග බහුලව ආහාරයට  එක්කර  ගන්න.

 


 


03ප‍්‍රශ්නය - හතළිස් පස්  හැවිරිදි  කාන්තාවකි. මාස්ශුද්ධිය අක‍්‍රමවත්ය. ඇතැම්  අවස්ථාවලදී  අධික ලෙස රුධිර  වහනය  සිදුවෙයි. වෛද්‍ය  පරික්ෂණ සිදු  කර ඇත. එහෙත් තත්ත්වය  වෙනසක්  නැත.
පිළිතුර -
බොරැල්ල ආයුර්වේද රෝහලේ ස්ත‍්‍රි  ප‍්‍රසව සායන පැවැත්වෙයි. එහි පැමිණ වෛද්‍ය  උපදෙස්  ලබාගන්න. මේ තත්ත්වය කාන්තාවගෙන් කාන්තාවට වෙනස් වන්නකි. ඒ නිසා වෛද්‍ය උපදෙස්  ලබාගැනීමට  අත්‍යාවශ්‍යයයි.

 



02ප‍්‍රශ්නය - තිස් අට  හැවිරිදි  පුද්ගලයෙකි. වසර තුනක සිට දියවැඩියාවෙන්  පෙළෙයි. බටහිර  ප‍්‍රතිකාර  ලබා  ගනිමි .ආයුර්වේද ඖෂධ මේ සදහා  සුදුසු  බව ඥාතිවරයකු  පැවසිය. එවැනි ඖෂධ ගැනිම සුදුසුද?
පිළිතුර -
ඖෂධ සම්බන්ධ විවිධ උදවිය ලබාදෙන උපදෙස් පිළිපැදීම සුදුසු  නැත. වෛද්‍ය උපදෙස් මත පමණක් ආයුර්වේද ප‍්‍රතිකාර ලැබිය යුතුය. මේ රෝගි තත්ත්වයට ආයුර්වේද ප‍්‍රතිකාර ඇත. එම නිසා ළඟම පිහිටි  ආයුර්වේද රෝහලකින් ප‍්‍රතිකාර  ලබාගත හැකිය.

 



04ප‍්‍රශ්නය - දෙදරු මවකි. දෙවැනි  දරුවාට  වසර  හතරකි. වර්ධනයේ  අඩුපාඩු  ඇත. හිස එසවීමට අපහසුයි. ඇවීදිමට නොහැකිය. මෙම තත්ත්වයට  ආයුර්වේද ප‍්‍රතිකාර  තිබේද?
පිළිතුර -
මෙවන්  තත්ත්වයක්  පවතින දරුවන්ට  පුර්ණ  සුවයක් ලබාදිමට  නොහැකිය. නමුත්  රෝගි  තත්ත්වය වර්ධනය  නොවි  පාලනයක්  කළ හැකිය. එමඟින්  දරුවාගේ  හිස එසවීම සහ  ආධාර  සහිතව ඇවදීමට  අවකාශ  ලැබෙයි. මේ  සඳහා  බොරැුල්ල ආයුර්වේද රෝහලේ  මහාචාර්ය වෛද්‍ය  සායනය සැම බ‍්‍රහස්පතින්දාවකම පෙරවරුවේ පැවැත්වෙයි. එම සායනයට  දරුවා ඉදිරිපත්  කළ හැකිය.

 



05ප‍්‍රශ්නය - හතළිස්පස්  හැවිරිදි හමුදා  සේවයේ  නිතර  වෙයි.වසර  පහක සිට ගෙළ සහ කොන්දේ වේදනාවක්  පවතී. එම්.ආර්.අයි.ස්කෑන්  පරික්ෂණයෙන් ආවරණය වි  ඇත්තේ කොදු ඇට  පෙළේ   වෙනසක්  තිබෙන බවයි. සැත්කමකට  නිර්දේශ  කර  ඇතත්  එවැන්නක්  සිදු  කිරිමට අකමැඒතෙමි. ආයුර්වේද ප‍්‍රතිකාර  තිබේද?
පිළිතුර -
මේ  සදහා  ආයුර්වේද ප‍්‍රතිකාර  ඇත. මෙය විශේෂිත තත්ත්වයක්  නිසා  ඒ  සඳහා බොරැුල්ලේ  ආයුර්වේද රෝහලේ   සෑම අඟහරුවාදා  දිනයකදීම උදේ  පැවැත්වෙන වෛද්‍ය සායනයට  යොමුවන්න.

 


 

06ප‍්‍රශ්නය - මගේ  සැමියා  පනස්පස්  හැවිරිදිය. අධික රුධිර  පිඩනයයෙන්  පෙළෙයි. මාසයක පමණ කාලයක සිට අංශභාගය සැදි  කථාබහ කළ නොහැකිය. එක් අංගයක්  අප‍්‍රාණිකයි. ආයුර්වේද ප‍්‍රතිකාර  ලබාගත හැකිද?
පිළිතුර -
මෙවන්  තත්ත්වයන්ට  ආයුර්වේද ප‍්‍රතිකාර  ඇත. නේවාසිකව ප‍්‍රතිකාර  ලැබීම ඉතා  සුදුසුයි. විශේෂිත පංචකර්ම ප‍්‍රතිකාරය  මේ  සඳහා   යොදා ගනි ප‍්‍රමාද නොවී  ආසන්නතම රජයේ  ආයුර්වේද රෝහලට  යොමු  කරවන්න. හැකියාවක්  ඇත්නම්  බොරැුල්ල ආයුර්වේද රෝහලට  රැගෙන එන්න.

 



07ප‍්‍රශ්නය - විසි දෙහැවිරිදි තරුණියකි. දෙවසරක සිට හිස්හොරි  වැනි  කුඩු  හැලෙන තත්ත්වයකි. ශරිරයේ  ඇතැම්  ස්ථානවල හම කුඩු මෙන්  ඉවත්ව යයි. සමේ තැනින් තැන රත් පැහැයක් ද ඇත. ආයුර්වේද ප‍්‍රතිකාර  තිබේද ?
පිළිතුර -
ප‍්‍රතිකාර  තිබෙයි.මෙම රෝගි  තත්ත්වය  කිටිභ යනුවෙන්  ආයුර්වේදයේ  හඳුන්වයි. මේ සඳහා  නේවාසික ප‍්‍රතිකාරය වඩාත් සුදුසුයි. බොරැුල්ල ආයුර්වේද රෝහලේ  බදාදා පෙරවරුවේ  පැවැත්වෙන පංචකර්ම සායනයකට  සහභාගි වන්න.

 


 

08ප‍්‍රශ්නය - විසිපස් හැවිරිදි විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙකි. පතපොත කියවීමේ දී දෑසේ අපහසු ගතියකි. පෙනීමේ වෙනසක් ද ඇත. ඒ සඳහා ආයුර්වේද ප‍්‍රතිකාර තිබේ ද? 
පිළිතුර -
මේ සඳහා අක්ෂි කර්පණ වැනි ප‍්‍රතිකාර ආයුර්වේදයේ ඇත. ඒ නිසා ඇස උගුර කණ නාසය පිළිබඳ වෛද්‍ය සායනය සතියේ දිනවල දිනපතා බොරැල්ලේ ආයුර්වේද රෝහලේ දී පෙරවරුවේ පැවැත්වෙයි. ඒ සඳහා යොමුවන්න. 

 


 

09ප‍්‍රශ්නය - හැට හැවිරිදි ෆිස්ටියුලා රෝගී තත්ත්වයට සැතකම් කළ ද ප‍්‍රතිඵලයක් නැත. මේ සඳහා ආයුර්වේදයේ ප‍්‍රතිකාර තිබේ ද ?
පිළිතුර -
ඔබේ රෝගී තත්ත්වයට සාර්ථක ප‍්‍රතිකාර ක‍්‍රමය පවතින්නේ ආයුර්වේදයේය. ඒ හේතුවෙන් බොරැල්ලේ ආයුර්වේද රෝහලේ සතියේ සෑම දිනකම පෙරවරුවේ පැවැත්වෙන ශල්‍ය සායනයට පැමිණ ප‍්‍රතිකාර සඳහා යොමු වන්න. 

 



10ප‍්‍රශ්නය - පනස් දෙහැවිරිදි කාන්තාවකි. දණහිස් අමාරු ඇත. ඉදිමීම කැක්කුම පවතී. වාඩිවීමට පවා නොහැකිය. බස් රථයකට ගොඩවීමට ද අසීරුය. 
පිළිතුර -
සන්ධිගත වාත අවස්ථාවකි. ළඟම පිහිටි රජයේ ආයුර්වේද රෝහලකින් ප‍්‍රතිකාර ලබාගන්න. 

 


 

11ප‍්‍රශ්නය - පොලිසියේ සේවය කර විශ‍්‍රාම ලැබූ පනස්අට හැවිරිදි අයෙකි. වසර එකහමාරක් පමණ කාලයක සිට දෙපාවල නහර ගැට ගැසී ඇත. ඇතැම් අවස්ථාවල වේදනා ගෙනදෙයි. සැත්කමට අකමැතිය. ආයුර්වේද ප‍්‍රතිකාර තිබේද ?
පිළිතුර -
මේ සඳහා කෑගල්ල රජයේ ආයුර්වේද රෝහලෙන් ප‍්‍රතිකාර ලබාගත හැකියි. 

 


එසැණින් කරනුයේ උපදෙස් දීම හා මගපෙන්වීම පමණි. ඒ උපදෙස් ප්‍රතිකාරයක් ලෙස නොසලකන්න. මෙම උපදෙස් අනුව ක්‍රියාකිරීමෙන් ලැබෙන ප්‍රතිඵලය ගැන අප හෝ මෙහි උපදෙස් දෙන වෛද්‍යවරුන් කිසිදු වගකීමක් දරන්නේ නැත. රෝගියකු කළ යුතු හොඳම සහ නිවැරදිම දේ වෛද්‍යවරයකු හමුවී ප්‍රතිකාර ගැනීම බවත් සළකන්න.