එෆ්.අස්ලම්
යාපනය අර්ධද්වීපයේ සමාජ විරෝධී ක්‍රියාවන් සම්බන්ධයෙන් ආවා කල්ලියේ යැයි සැකකෙරෙන 08 දෙනෙකු පොලිසිය භාරයට ගෙන ප්‍රශ්න කරමින් පවතින බව උතුරේ පොලිස් ආරංචිමාර්ග සඳහන් කරයි.
සැකකරුවන් සන්තකයේ තිබූ කඩු කෙටේරි ඇතුළු තියුණු ආයුධ සහ යතුරු පැදි හතරක්ද පොලිසිය බාරයට ගෙන ඇතැයිද පැවසේ.
පොලිස් විශේෂ කාර්යංශයට ලද තොරතුරකට අනුව මානිප්පායි පොලිසිය විසින් චාවකච්චේරි ප්‍රදේශයේ කරන ලද වැටලීමකදී සැකකරුවන් කොටුකරගෙන ඇත.
සැකකරුවන් පොලිසියෙන් ආරක්ෂා වීම සදහා චාවකච්චේරි ප්‍රදේශයේ සැගවී සිටි අවස්ථාවේදී මනිප්පායි පොලිසියේ නිලධාරීන් සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත. ඔවුන් වයස අවුරුදු 19 -23 අතර වයස්වල පසුවන්නන් බවද පැවසේ.
මෙම සැකකරුවන් අතර මාම්පිලේයි සහ බබා නැමති අන්වර්ථ නාමවලින් සිටින ආවා කල්ලියේ ප්‍රධාන පෙලේ සාමාජිකයින් දෙදෙනෙකු සිටින බවත් සෙසු සැකකරුවන් කල්ලිය හා මෑතකදී සම්බන්ධ වූවන් බවත් මූලික විමර්ශන වලින් හෙලි ඇත.