රොමේෂ් මධුෂංඛ
පසුගිය දිනයන්හි යාපනයේ නිවාස වෙතට කඩා වැදී අලාභ හානි සිදුකළ ආවා කල්ලියේ ප්‍රභල සාමාජිකයින් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවට චුන්නාකම් පොලීසිය පවසයි.
චුන්නාකම් පොලිස් වසමේ පසුගියදා එකම රාත්‍රීයක නිවාස 3කට කඩා වැදුණු ආවා කල්ලි සාමාජිකයින් නිවාස දේපල වලට හානි සිදුකර පලා යාම හා ඊට පෙර දිනයක පුද්ගල පහරදීම් හා දේපල හානි සිදු කරන ලද මෙම ආවා කල්ලි සාමාජිකයින් සම්බන්ධයේන් පොලීසියට ලැබුණු තොරතුරකට අනුව සිදු කරන ලද හදිසි සෝදිසි මෙහෙයුමකදී සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ 28 හැවිරිදි නාගලිංගම් දයාකරන්, 20 හැවිරිදි පංචලිංගම් කිරුසන්, 22 හැවිරිදි සුදාකරන් තවරූබන් හා 23 හැවිරිදි නඩරාජා මධුෂන් නැමති අය වෙයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අද (8) යාපනය මල්ලාකම් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇති බවට පරික්ෂණ සිදු කරන චුන්නාකම් පොලීසිය වැඩිදුරටත් පවසයි.