ආවා කල්ලියේ හයදෙනෙකු අත්අඩංගුවට


(සිරාජ් හසීම්)
 
යාපනයේ සිදුකර ඇති පහරදීම් සහ සමාජ විරෝධී ක්‍රියාවලට සම්බන්ධ ආවා කල්ලියේ බව කියන හයදෙනෙකු අද (16) අත්අඩංගුවට ගෙන ඇතැයි උතුරේ උසස් පොලිස් නිලදාරියෙක් පවසයි.
 
යාපනය මානිප්පායි සහ කෝපායි පොලිස් නිලධාරීන් එක්ව මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
 
මෙම මෙහෙයුම හේතුවෙන් යාපනය පොලිස් කොට්ඨාසයේ  පොලිස් ස්ථාන 9 කම රාජකාරියේ නිරත සියලුම පොලිස් නිලධාරීන්ගේ නිවාඩු  උතුරු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රොෂාන් ප්‍රනාන්දු මහතාගේ නියෝග මත අවලංගු කර ඇතැයි පොලිස් ආරංචිමාර්ග පවසයි.