අජන්ත කුමාර අගලකඩ
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ආර්ථි කළමනාකරණ කමිටුව කැබිනට් මණ්ඩලය විසින් අද අහෝසි කරනු ලැබීය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී අද උදේ පැවැති කැබිනට් රැස්වීමේදී ආර්ථික කළමනාකරණ කමිටුව අහෝසි කිරීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ආර්ථික කළමනාකරණ කමිටුව පසුගිය කාලයේ රටට ඵලදායි කිසිවක් නොවූ බව පවසමින් ජනාධිපතිවරයා එම කමිටුව අහෝසි කිරීමසට කැබිනට් පත්‍රිකා දෙකක් මීට පෙර ඉදිරිපත් කර තිබිණි.
මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට කාලයක් අවශ්‍ය බවට අගමැතිවරයා ද මීට පෙර කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර තිබිණි.
ආර්ථික කළමනාකරණ කමිටුව අහෝසි කිරීම සඳහා කැබිනට් පත්‍රිකා දෙකක් ඉදිරිපත් කර තිබියදී එම කමිටුව මීට පෙර එක් වතාවක් රැස්විය.
ජනාධිපති කාර්යාලයේ අද පැවැති කැබිනට් රැස්වීමේදී ආර්ථික කළමනාකරණ කමිටුව පවත්වාගෙන යාම අවශ්‍ය බවට ඇමැති මලික් සමරවික්‍රම මහතා සිය නිරීක්ෂණ ඉදිරිපත් කරමින් සඳහන් කර ඇතැයි වාර්තා වේ. එහිදී අදහස් දක්වා ඇති ජනාධිපතිවරයා ආර්ථික කළමනාකරණ කමිටුව වහාම අහෝසි කරන බව පවසා ඇත.
එය තවදුරටත් ඇද ඇද සිටීමේ තේරුමන් නැති බවත්, ආර්ථිකය සම්බන්ධයෙන් අවශ්‍ය තීන්දු තීරණ කැබිනට් රැස්වීමේදී සාකච්ඡා කර ගත හැකි බවත් ජනාධිපතිවරයා පවසා ඇති බව වාර්තාවේ.
ආර්ථික කළමනාකරණ කමිටුව අහෝසියි
Recommended Articles