අජන්ත කුමාර අගලකඩ
අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් ආර්ථික කළමනාකරණ කමිටුව අහෝසි කිරිම සඳහා ජනාධිපතිවරයා විසින් තවත් කැබිනට් පත්‍රිකාවක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (20) පැවති කැබිනට් රැස්වීමේ දී ජනාධිපතිවරයා මෙම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර තිබු බව වාර්තා වේ.
ආපදා කළමනාකරණ කමිටුව අහෝසි කර එම කටයුතු කැබිනට් මණ්ඩලයට පැවරීමට ජනාධිපතිවරයා එම කැබිනට් පත්‍රිකාවෙන් යෝජනා කර ඇතැයි ද රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
කැබිනට් මණ්ඩලය තුළ දිර්ඝ වශයෙන් සාකච්ඡා කළ යුතු කාරණා සම්බන්ධයෙන් ඇමැති අනුකමිටුව පත් කර එම කටයුතු සිදු කළ හැකි යැයි ද ජනාධිපතිවරයා සමගින් පෙන්වා දී ඇති බව වාර්තා වේ.
ආර්ථික කළමනාකරණ කමිටුව අහෝසි කළ යුතු බවට ජනාධිපතිවරයා මීට සති දෙකකට පමණ ඉහත දී ද කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබිණි.