ආර්ථික කළමනාකරණ කමිටුව අහෝසි කරන්න ජනපති නියෝග කරයි


අජන්ත කුමාර අගලකඩ
 
අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ආර්ථීක කලමනාකරණ කමිටුව අහෝසි  කරන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (27) පැවැති කැබ්නට් රැස්වීමේ දී ප්‍රකාශ කර ඇතැයි රජයේ ආරංචිමාර්ග සඳහන් කරයි.

ගත වු කාල සීමාව තුළ දී එම ආර්ථික කමිටුවෙන් කිසිවක් ක්‍රියාත්මක වී  නැති බවද ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කළේ යැයි එම ආරංචි මාර්ග කියයි.

වොග්ස් වැගන් වාහන නිෂ්පාදන ව්‍යාපෘතිය,හොරණ ටයර් නිෂ්පාදන කම්හල ආදිය පසුගිය කාලයේ කීවද ඒවා රට නොමග යවන සුළු ප්‍රකාශ පමණක් වී යැයි ද ජනාධිපතිවරයා කී බව වාර්තා වේ.

ජර්මනිය,කටාර් රාජ්‍ය ඉන්දියාව ආදි රට වලින්  ආයෝජකයින් ඉදිරිපත් වුවද එම ආයෝජන ඇද ගැනීමට ආර්ථික කලමනාකරණ කමිටුව සමත් නොවු බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ යැයි රජයේ ආරංචි  මාර්ග පවසයි.