(රංජන් කස්තුරි)
අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් ආර්ථික කමිටුව අහෝසි කර හෝ අහෝසි වී නැතැයි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පැවසීය.
මංගල සමරවීර මහතා එසේ පැවසුවේ මුදල් අමාත්‍යංශයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ජනමාධ්‍යෙව්දීන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.
මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ මුදල් ඇමතිවරයා මෙසේද කීය.
“ආර්ථික කමිටුව තවම තියෙනවා. ඒක අහෝසි කරලා නැහැ. ආර්ථික කමිටුව ගැන ඉදිරිපත් කළ කැබැනට් පත්‍රය සති දෙකකට කල් තිබ්බා එච්චරයි. අගමැතිතුමාගේ ආර්ථික කමිටුව තියෙනවා. ජනාධිපතිතුමාගේ ආර්ථික කවුන්සිලයෙන් ප්‍රතිපත්තිමය තීන්දු ගන්නවා. එම තීන්දු ක්‍රියාත්මක කිරීමේදී ඇති වන බාධක දුෂ්කරතා ගැන ආර්ථික කමිටුව තීරණ ගන්නවා. ඒවා නැවත කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනවා“ යැයිද මංගල සමරවීර මහතා පැවසීය.