
( කුෂාන් ජයවර්ධන)
ගල්කිරියාගම බණ්ඩාරපොතානදී දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකදී පිය පුතු දෙදෙනකුට සිදුකළ පහර දීමකින් පියා මිය ගොස් පුත්‍රයා බරපතළ තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි ගල්කිරියාගම පොලිසිය පවසයි.
ගල්කිරියාගම පොලිස් වසමට අයත් පුබ්බෝගම බන්ඩාරපොතාන ප්‍රදේශයේදී ඊයේ (28) සවස මෙම ගැටුම ඇතිව තිබිණි.
මෙලෙස මිය ගොස් ඇත්තේ ගල්කිරියාගම පුබ්බෝගම බණ්ඩාරපොතාන පදිංචිව සිටි නාවුරු අඩුමේ අබ්දුල් හකීම් නමැති 68 හැවිරිදි පුද්ගලයෙකි.
දෙපිරිස අතර ඇතිවූ එම ගැටුම දුර දිග යාමෙන් පියාට තියුණු ආයුධයකින් පහර දීමක් සිදුකර ඇතැයි ද ඉන් ඔහු මිය ගොස් ඇතැයි ද පොලිසිය කියයි.
මෙම ගැටුමේදී පහර කෑමට ලක්ව බරපතළ තුවාල ලබා සිටින පුතා රෝහල්ගතකර ඇතැයි ද පොලිසිය කියයි.

