ආරවුල බේරන්න ගිය ආරක්ෂක නිලධාරියා පිහිපහරින් මරුට


(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
 
හොරණ මුරගම  ප්‍රදේශයේ මාළු වෙළෙන්දන් දෙදෙනෙක් අතර ඇති වු බහින් බස්වීමක් සමථයකට පත් කිරීමට ගිය අසල පිහිටි වෙළදසලක ආරක්ෂක නිලධාරියකුට එල්ල වු පිහි පහරකින් එම ආරක්ෂක නිලධාරියා මිය ගොස් ඇතැයි පොලීසිය  කියයි.

මෙසේ ඝාතනය වී ඇත්තේ  පෝරුවදණ්ඩ ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි පුද්ගලයෙකි.
එම වෙළදසල අසල මාළු විකිණිමේ යෙදුණ මාළු වෙළන්දා ළඟට පැමිණි අනික් වෙළෙන්දා  අඩුමිලට මාළු විකිණිම සම්බන්ධයෙන් ඇති කරගත් බහින්බස්වීමක්  මුල් කරගෙන මෙම ආරවුල හට ගෙන තිබේ.

එය සමථයකට පත් කිරීම සඳහා මැදිහත් වු ආරක්ෂක නිලධාරියා  පිහි ඇණුමකට ලක් වී රෝහල්ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇත.