( ඩී.ජී.සුගතපාල, සුමතිපාල දීයගහගේ)
ගිංතොට මහා විදුහලේ ආරක්ෂිත කැමරා පද්ධතිය සොරකම් කොට ගිංතොට පාලමෙන් ගඟට දමා ඇති සැකකරුවෙකු අත් අඩංගුවට ගත් බව ගාල්ල පොලිසිය පවසයි.
මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ ගිංතොට විදානගොඩ පදිංචිකරුවෙකි.
මෙයට දින කිහිපයකට පමණ පෙර විදුහලේ කාර්යලය බිඳ එහි තිබු රුපියල් දහඅට දහසක් සොරකම් කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ පැවැත්වු පොලිස් නිලධාරින් සැකකරු අත් අඩංගුවට ගෙන ඇත.
සොරකම අසුවේයයි බියට ආරක්ෂිත කැමරාව ගලවා ගඟට දැමුවද එහි දත්ත ගබඩාවේ සැකකරු සටහන්වි තිබිම නිසා අත් අඩංගුවට ගැනීමට හැකිවි තිබේ. සැකකරු විදුහලේ මුරකරුගේ නිවසට යාබද නිවසේ පදිංචිකරුවෙකු වන අතර පොලිසියට පවසා ඇත්තේ විදුහලේ මුරකරුගේ ඉල්ලීම පිට මෙය සිදුකළ බවය.
කිමිදුම්කරුවන් ලවා සෝදිසි මෙහෙයුමක් කළද ආරක්ෂිත කැමරාව සොයා ගැනීමට හැකිවි නැත.

