හර්ෂණ තුෂාර සිල්වා
ආරක්ෂාව සම්බන්ධයෙන් ඉදිරියේදී ජපානය සමඟ අවබෝධතා ගිවිසුමකට එළැඹෙන බව රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා අද (9) ප්‍රකාශ කළේය.
මේ වනවිට රටවල් කිහිපයක් සමඟ ආරක්ෂාව සම්බන්ධයෙන් අවබෝධතා ගිවිසුම් අත්සන් කර ඇතැයි ද රුවන් විජයවර්ධන මහතා කීවේය.
අවසන් වරට රුවන්ඩාව සමඟ ආරක්ෂාව සම්බන්ධයෙන් අවබෝධතා ගිවිසුමකට එළැඹි බව ද හෙතෙම පැවැසීය.
සෝෆා ගිවිසුම කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වී ඇති නමුත් ඊට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වී නැති බවත් අමාත්‍යවරයා කීවේය.
ඇමෙරිකාව සමඟ 2007 වසරේදී ‘ඇක්සා’ ගිවිසුම අත්සන් කළ බවත් 2017 වසරේදී එය අලුත් කළ බවත් රුවන් විජයවර්ධන මහතා කීය.
යම් ගිවිසුමකට අත්සන් කරන්නේ නම් ඊට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි විය යුතු බවත් ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා හෝ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා අදාළ ගිවිසුම්වලට අත්සන් තැබිය යුතු බවත් විජයවර්ධන මහතා කීවේය.
ඇතැම් පිරිස් ආරක්ෂාව සහ ගිවිසුම් සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රතිචාර පතුරවමින් සිටින බව ද ඔහු කීය. කොළඹ හිල්ටන් හෝටලයේ පැවැති ආසියානු වෙරළ ආරක්ෂක ප්‍රධානීන්ගේ සමුළුව අවසානයේ දී මාධ්‍යවේදීන් ඇමතූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා එම කරුණු සඳහන් කළේය.

