ආරක්ෂකයා අත වූ ගිනි අවිය ඉබේ පත්තුවෙයි


(හේමලතා ඩි. හේවගේ)

නාරම්මල රාජ්‍ය බැංකුවක ආරක්ෂක නිලධාරියකු අත තිබූ ගිනි අවියක් ඉබේ පත්තු වී  බැංකු කවුන්ටරයේ සේවය කළ සේවිකාවක තුවාල ලබා ඇතැයි නාරම්මල පොලිසිය කියයි.

තුවාල ලබා ඇත්තේ නක්කාවත්ත අලුත්වැව ප්‍රදේශයේ පදිංචි 20 හැවිරිදි බැංකු සේවිකාවකි.

අද පෙරවරු 8.30 පමණ බැංකු විවෘත කළ අවස්ථාවේ ආරක්ෂක නිලධාරියා අත වූ ගිනි අවිය පතුතු වී ඇතැයි පොලිසිය කියයි.

සේවිකාවගේ ඉන ප්‍රදේශයට තුවා ලබා ඇති අතර ඇය කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇතැයි ද පොලිසිය පවසයි.