ආරක්ෂක ලේකම්ට - පොලිස්පතිට අස් වෙන්න කියයි


(අජන්ත කුමාර අගලකඩ) 

ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාට සහ පොලිස්පති පුජිත ජයසුන්දර මහතාට ඉල්ලා අස් වෙන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දැනුම් දී ඇතැයි රජයේ ආරංචිමාර්ග කියයි.

ජනාධිපතිවරයා  ඔවුන් දෙදෙනාට අද (24) පෙරවරුවේ මෙම දැනුම්දීම කර ඇති බවද එම ආරංචි මාර්ග වලින් පැවසේ.

මේ අතර ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා  සුළු මොහොතකට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයට ගොස් ජනාධිපතිවරයා හමු වී ඇතැයිද වාර්තා වේ.