ආරක්ෂක ලේකම් උපදෙස් මත පොලිස් මාරු 72 ක් අවලංගු කරයි


 

(තරිඳු ජයවර්ධන)

පොලිස් ස්ථානාධිපතිවරුන් 72ට පොලිස්පතිවරයා විසින් ලබා දෙනු ලැබූ ස්ථාන මාරු යළිත් අවලංගු කර තිබේ.

ස්ථාන මාරු පොලිස් පණිවුඩයේ සඳහන් කර තිබුනේ ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි ස්ථාන මාරු කරන බවයි.

කෙසේ වෙතත් එම ස්ථාන මාරු නියෝගයෙන් පැය 48ක් යන්නට මත්තෙන් පොලිස්පතිවරයා තවත් පොලිස් පණිවුඩයක් නිකුත් කරමින් ස්ථාන මාරු අවලංගු කර තිබේ. 

ස්ථාන මාරු අවලංගු කිරීමේ නියෝගයේ සඳහන් කර ඇත්තේ ආරක්ෂක ලේකම්ගේ සහ පොලිස් කොමිසමේ උපදෙස් පරිදි ස්ථාන මාරු අවලංගු කරන බවයි.