ආරක්ෂක රාජ්‍ය ඇමැති ශිෂ්‍යභට ඇගයීමට


ජාතික ශිෂ්‍යභට බළකායේ 2015 වාර්ෂික ශිෂ්‍යභට ඇගයීමේ කඳවුරේ ත්‍යාග ප්‍රදානෝත්සවය අද (19) ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් රන්ටැඹේ ජාතික ශිෂ්‍යභට බලකා පුහුණු මධ්‍යස්ථානයේදී පැවැත්විණි.

දිවයින පුරා පාසල්වල පිරිමි හා කාන්තා ශිෂ්‍යභට කණ්ඩායම් අතරින් දක්ෂතම පිරිමි කණ්ඩායමට හිමි  ‘හර්මන්ලූස්‘ ශූරතා කුසලානය මහනුවර ශාන්ත සිල්වෙස්තර විද්‍යාලය විසින්ද  දක්ෂතම කාන්තා කණ්ඩායමට හිමි  ‘ද සොයිසා‘ ශූරතා කුසලානය කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලය විසින් ද දිනාගන්නා ලදි.

11148338_915788951833500_827889639214201510192102781_n-copy 12088128_915788821833515201510193_2079473806388233177_n-copy 12140658_915788675166861_636882015101940231755076953_n-copy unnam20151019edee-copy