(ඩයනා උදයංගනී)
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාවට යොදවා සිටි පොලිස් නිලධාරීන් 42 දෙනෙකු ආපසු කැඳවා ඇත්තේ එතුමාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් කළ නිසි තක්සේරුවකින් පසුව බවත් එය දේශපාලන අරමුණකින් කළ දෙයක් නොවන බවත් නීතිය, සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.
හිටපු ජනාධිපතිවරයා විශ්‍රාම ලබන විට ඉල්ලා ඇත්තේ යුද හමුදා සාමාජිකයන් 102 ක් සහ පොලිස් නිලධාරීන් 103 දෙනෙකු වුවත් එතුමාට ඇමැති ආරක්ෂක පොලිස් නිලධාරීන් 203 දෙනෙකු සහ විශේෂ කාර්ය බලකායේ 26 දෙනෙකු ඇතුළු නිලධාරීන් 229 ක ආරක්ෂාව ලබාදී තිබූ බවද ඇමතිවරයා කීවේය.
ප්‍රභුන්ගේ ආරක්ෂාව නිසි ලෙස තක්සේරු කිරීමෙන් පසු අඩු වැඩි කිරීම සාමාන්‍යයෙන් සිදුවන ක්‍රියාවලියක් බව කී අමාත්‍යවරයා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ ආරක්ෂාවට සිටින්නේ නිලධාරීන් 69ක් පමණක් බවද සඳහන් කළේය.

