ආරක්ෂක කැමරාවෙන් හොරා අල්ලයි


බත්තරමුල්ලේ මාධ්‍යවේදිනිය ඝාතනය කළැයි සැකපිට දොම්පේ පින්තාරු බාස් කෙනකු (39) අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

ඔහු දින කිහිපයක් එම නිවසේ හෝ අසළ නිවසක වැඩ කර ඇති බවත්, නිවැසියන් ඉරිදා පල්ලි යන බවත් හොඳට දැනගෙන සිටි බවත් පොලිසිය පවසයි.

අද උදේ ඔහු එම නිවසට පැමිණ ඇත.

ඉදිරිපස දොර් සොයිබය බමණක් දමා තිබුණු බවත්, එය ඇරගෙන ගේ තුළට යන විට මාධ්‍ය වේදිනිය ඔහු දැක හඳුනාගෙන ඇති බවත්, ඒ සමග ඔහු ළඟ තිබූ පිහියෙන් ඇන, ගෙදර තිබූ පිහියෙන් බෙල්ල කපා ඇති බවත් සැක කරයි.

රුපියල් 1200ක් හා ජංගම දුරකතනයක් සොරා ගත් බව සැකකරු කීවත් පොලිසිය එය විශ්වාස නොකරයි. පොලිසිය කියනුයේ වැඩි මුදල් ගෙන යන්නට ඇති බවයි.

අපරාධයෙන් පසු ඔහු හංවැල්ලට ගොස් ඇති බවත්, අත්අඩංගුවට ගන්නා විට හොඳටම මත්පැන් ශරීර ගත වී තිබූ බවත් පොලිසිය කියයි.

සැකකරු නිවසට එන ආකාරය සහ නිවසින් යන ආකාරය සීසීටීවී අසල නිවසක සීසීටීවී කැමරාවක සටහන් වී ඇත.