ආයුර්වේද පනතට කතානායකගේ සහතිකය


(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

ආයුර්වේද ක්ෂේත්‍රයේ සංවර්ධනය සඳහා විධිවිධාන ඇතුළත් ආයුර්වේද (සංශෝධන) පනත් කෙටුම්පතට කතානායකවරයා ඊයේ (9) සිය සහතිකය සටහන් කළේය.

මේ අනුව එම පනත් කෙටුම්පත ඊයේ සිට බලාත්මක විය.

1961 අංක 31 දරන ආයුර්වේද පනත සංශෝධනය කිරීම සදහා ඉදිරිපත්  කරන ලද ආයුර්වේද (සංශෝධන) පනත් කෙටුම්පත  පාර්ලිමේන්තුවේදී පසුගිය සැප්තැම්බර් 5 වැනිදා ඡන්ද විමසීමකින් තොරව සංශෝධන සහිතව සම්මත විය.