ආයුර්වේද ඖෂධ වැට් බද්දෙන් ඉවතට


(අංජුල මහික වීරරත්න)

සෞඛ්‍ය සේවයේ වියදම් අවම කරගැනීම සඳහා ආයුර්වේද නිෂ්පාදන, ඖෂධ සහ දේශීය වෛද්‍ය ක්ෂේත්‍රයට අදාල කර්මාන්ත වැට් බද්දෙන් නිදහස් කිරීමට රජය තීරණය කර තිබෙන බව දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි මහතා පැවසීය.   

පාරම්පරික වෛද්‍යවරුන්ට බලපාන ගැටලු විසඳා ගැනීම සහ දේශීය වෛද්‍ය ක්‍රමය සුරක්ෂිත කිරීම වෙනුවෙන් විශේෂ කාර්යංශයක් පිහිටුවීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙන බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි මහතා මේ බව කීවෙි  'ස්ථාවර රටකට සැවොම එක මඟකට' මැයෙන් අද (04) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.  

මෙරට දේශීය ඖෂධ නිෂ්පාදකයින් සහ එම ක්ෂේත්‍රයේ නිරත සියලුම නිෂ්පාදකයින්ට “ජනාධිපති රන් සම්මාන” ලබාදීමේ වැඩසටහනක් පැවැත්වීමට ද කටයුතු සූදානම් කෙරෙමින් තිබෙන අතර ඉදිරි මාස කිහිපය ඇතුලත එය ක්‍රියාත්මක කරන බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.