ආයුධ ගබඩාවේ නඩුවට වාස් ඇප ඉල්ලයි


ආයුධ ගබඩාවක් පවත්වාගෙන ගියැයි රිමාන්ඩ් බාරයේ සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන  ඇතුළු සැකකරුවනට ඇප ලබා දෙන්නැයි ඔවුන්ගේ නීතීඥවරුන් කළ ඉල්ලීම ගැන විරෝධතා ඇත්නම් අගෝස්තු 26 වැනි දා  ඉදිරිපත් කරන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු එස් බී එස් ද මොරායස් මහතා අද (23) නීතිපතිට නියෝග කළේය.