
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ සහ ප්‍රමිති කාර්යාංශයේ ප්‍රධානීන් පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට (කෝප් කමිටුව) ලබන සතියේ කැදවීමට තීරණය කර ඇතැයි එහි සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා පැවසීය.
මේ අනුව ලබන 23 වැනිදා භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ ප්‍රධානීන්ද 24 වෙනිදා ප්‍රමිති කාර්යාංශයේ ප්‍රධානීන්ද කැදවෙනු ඇත.
නවවෙනි පාර්ලිමේන්තුවේ දෙවෙනි සැසිවාරයේ පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව පිහිටුවීමෙන් පසු එම කාරක සභාවට ආයතන කැදවෙන පළමු අවස්ථාව මෙයයි.

