(සුජිත් හේවාජුලිගේ )
සෞඛ්‍ය අංශයේ සහ සීමාසහිත ලංකා සතොස, සමුපකාර තොග වෙළඳ සංස්ථාව, ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුව , සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව හා සමුපකාර සමිතිවල සියලුම සේවා අත්‍යවශ්‍ය සේවා බවට ප්‍රකාශයට පත් කරමින් ජනාධිපතිවරයා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබ ඇත .
ජනාධිපතිවරයා මෙම අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ 1979 අංක 61 දරන අත්‍යවශ්‍ය මහජන සේවා පනතේ 2 වැනි වගන්තිය යටතේය.
මේ ගැසට් නිවේදනය අනුව සීමාසහිත ලංකා සතොස,සමුපකාර තොග වෙළඳ සංස්ථාව,ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුව ,සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව සහ සමුපකාර සමිති මගින් ඉටු කරනු ලබන සියලුම ආහාර පාන ද්‍රව්‍ය ඇතුළු ජනතාවට අවශ්‍ය අනෙකුත් සියලුම පාරිභෝගික ද්‍රව්‍ය සැපයීම, ගබඩා කිරීම ,බෙදා හැරීම සහ නියාමන කටයුතු සම්බන්ධයෙන් අවශ්‍ය හෝ කළයුතුයැයි නියමිත සියලුම සේවාවන් වැඩ හෝ ඕනෑම ආකාරයක ශ්‍රමය යෙදවීම ,පළාත් සභා යටතේ වන සියලුම රජයේ කාර්යාල මඟින් ඉටු මගින් ඉටු කළ යුතු වන්නාවූ හෝ අවශ්‍ය වන්නාවූ කවර වූ ස්වභාවයේ සියලුම සේවාවන් වැඩ හෝ ශ්‍රම දායකත්වය,සෞඛ්‍ය සේවයට අදාළ ව ඉටු කළ යුතු වන්නා වූ හෝ අවශ්‍ය වන්නාවූ කවර වුව ස්වභාවයේ සියලුම සේවාවන් වැඩ හෝ ශ්‍රම දායකත්වය අත්‍යාවශ්‍ය සේවා වනු ඇත .

