ආයතන 31ක් මානව හිමිකම් කොමිසමේ


ලෝක ළමා දිනයේ පහේ ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත් කිරීමට අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා රාජ්‍ය ආයතන තිස් පහකට ලබන 10 වැනි දා මානව හිමිකම් කොමිසමේ පෙනී සිටින්නැයි නියෝග කර තිබේ.

ළමා රක්ෂණ අධිකාරියේ සභාපතිනිය, විභාග කොමසාරිස්, අධ්‍යාපන ලේකම් ඇතුළු පිරිසක් අදාළ වන බව මානව හිමිකම් කොමිසමේ කොමසාරිස් ප්‍රතිභා මහානාමහේවා මහතා පවසයි.

ලෝක ළමා දිනයේ ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත් කිරීමෙන් ළමයින් මානසිකව හා කායිකව පීඩාවට පත් වීම ඇතුලු විශ්ව ළමා ප්‍රඥප්තියේ කරුණු රැසක් සාකච්ඡා කිරීමට නියමිත බව ද ඒ මහතා ප්‍රකාශ කළේය.