ආබෘෘ පෙත්සම අස් කර ගනී


තමා අත්අඩංගුවට ගැනීම වලක්වාලන නියෝගයක් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සරත් ද ආබෘෘ ගොනු කළ ශ්‍රේෂ්ඨාධිකරණ පෙත්සම අද (14) ජනාධිපති නීතීඥ මනෝහර ද සිල්වා මහතා මගින් ඉවත් කර ගත්තේය.

මේ වන විට ගල්කිස්ස අධිකරණයෙන් ඇප පිට සිටින නිසා පෙත්සම පවත්වාගෙන යෑමෙන් පළක් නැතැයි නීතීඥවරයා අධිකරණයට දැන්වීය.

අගවිනිසුරු කේ ශ්‍රී පවන්, ප්‍රියන්ත ජයවර්ධන සහ අනිල් ගුණරත්න ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අවසර දුන්හ.