ආබාධිත රණවිරුවෝ මාසික ස්ථාවර දීමනාව ඉල්ලති


(ශාන්ත රත්නායක)

ත්‍රිවිධ හමුදා විශ්‍රාමික ක්‍රියාන්විත ආබාධිත රණවිරු  සංගමය විසින් සංවිධානය කරන ලද නිහඬ විරෝධතාවයක් අද(22) කොළඹ ගාලු මුවදොර උද්ඝෝෂණ කලාපයේදී පැවැත්විණි.

යුද වාතාවරණයක් පැවති වකවානුවේ ක්‍රියාන්විත ප්‍රදේශවල රාජකාරියේ යෙදී සිටියදී ත්‍රස්ත ක්‍රියා මැඩ පැවැත්වීමට කළ කටයුතු හේතුවෙන් තුවාල ලබා ආබාධිත වූ රණවිරුවන් සඳහා, වයස අවුරුදු 55 සම්පූර්ණ වන තෙක් ගෙවන ලද වැටුප හා විශ්‍රාම වැටුප අතර වෙනස (මාසික ස්ථාවර දීමනාව) ජීවත්ව සිටින තෙක් ලබා දෙන ලෙස ඉල්ලා ඔවුහු විරෝධයේ යෙදුණහ.