ආබාධිත රණවිරුවෝ ගාලු මුවදොර මග අහුරති


(ඉන්දිකා රාමනායක / ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි)

යෝජිත විශ්‍රාම වැටුප ඉල්ලා ආබාධිත රණවිරුවන් පිරිසක් ආරම්භ කළ විරෝධතාවයක් හේතුවෙන් ගාලු මුවදොර මාර්ගය සම්පුර්ණයෙන් වසා දැමීමට පොලිසිය පියවර ගෙන ඇත.

ආබාධිත රණවිරුවන් පිරිස පොලිස් මාර්ග බාධක ඉවත් කරමින් ජනාධිපති ලේකම් කාර්යාල දෙසට යාමට උත්සහ කළ අවස්ථාවේ පොලිසිය ඔවුන්ගේ ගමනට බාධා කළහ.

ඔවුන් ජනපති ලේකම් කාර්යාලට පිවිසෙන දොරටුව ආසන්නයේ බිම හිඳගෙන විරෝධතාවයේ නිරත වෙති.